Tuesday, November 8, 2011
Miss Call එක
දිනක් මගේ කුඩා ජංගම දුරකථනය
එක වරක් නාද විය....තව වරක් නාද විය....
මමද එයට වරක් පොඩි ඇමතුමක් දුන්නෙමි....ආවේය කුඩා කටහඩක්
මේ කව්ද ඔයා???
නමින් පටන් ගත් ඔහු එය ඉවර කලේ ඔහුගේ ජිවිත කාලයම කියාය...
මමත් සවන් දුනි...පිළිතුරුද දුනි...
දවසට වරක් දෙවරක් ආ ඇමතුම් දහයක් විස්සක් උනි...
මගේ නොදුටු ආදරය දළුලා වැඩුන දවසින් දවස...
දවසක් "මේ අපි හම්බෙමුද"?????
ඉතින් පොඩි හමුව ලොකු හමුවක් උන...
දවස් මාස උනා...
දිනක්..........
මගේ කුඩා දුරකතනයෙන් ඔහුට ඇමතුමක් ගත් විට
ඔබ ඇමතු අංකය විසන්දි කර හෝ ආවරණ කලාපයෙන් පිටතළු
අනේ...මන් කොහොමද එක මගේ බඩේ ඉන්න පොඩි එකට කියන්නේ......
Subscribe to:
Post Comments (Atom)
අනේ අපොයි!
ReplyDeleteඑල එල .. හොද පාඩම කෙල්ලොන්ට
ReplyDelete