පන්නන උන් මෙන්න මේක follow කරපල්ලා...

Sunday, November 13, 2011

මං දැනන් හිටියේ නෑ උන් මගේ ලේ... මටත් හොරෙන් උරන් බොනවා කියල.......

මං දැනන් හිටියේ නෑ උන් මගේ ලේ මටත් හොරෙන් උරන් බොනවා කියල....... හීනයක් නිසාම මන් apply කලා super තරු වැඩසටහනකට.... හැමෝම කිව්වේ... ෂා......... ඔයාගේ කටහඩනම් ලස්සනයි ..ඉස්සරහටම යන්න පුළුවන්..හොද අනාගතයක් තියෙනවා...මර ලස්සන කොල්ලෙක්නේ ඔය... බෝක්කුව උඩ යාළුවොත් එක්ක වල බැහැල ඉදපු මං ජනප්‍රිය උනා... කියන්නත් බැරි විදියට... බෝක්කුව උඩ ඉද්දි කෙල ගහල ගියපු කෙල්ලෝ... මගේ ෆොටෝ කෝට්ටේ යට තියන් නිදාගත්තා.. රස්සාවක් නැති කාලකන්නිය කියපු මගේ නෑයෝ... මව ඉබින්න පටන් ගත්ත... අවසාන ප්‍රතිපලය...අද අපේ සුපිරි තරුව........ ................................................................. මෙන්න මේ පොඩි කොල්ලට...... කොළඹ ඉදන් ගෙදර එන්න සල්ලි නැතුව කුඩ්ඩෙකුට පු* දීල සල්ලි ඉල්ලන් අපු මාව කොළඹ ඉදන් ගෙදරටම රථ පෙරහරකින් එද්දී කුස්සියේ දුන්ගොඩේ ඉදපු අපේ අම්ම මව පිළිගන්න ආවේ රුපියල් පනස්දාහක් වටිනා සාරියක් ඇදල... දහය විස්සට රේස් දාල පරදවෙලා ගෙදර එන අපේ තාත්ත මව පිළිගත්තේ පන්දහේ කොළ වලින් හදපු මාලයක් දාල... පුස් බයිසිකලයක්වත් නැතුව හිටපු මට හම්බුනා ජපනෙක් හදපු ලොකු කාර් එකක්... පොල් අතු වලින් රැට හද පේන අපේ ගෙදර වෙනුවට හම්බුනා කොළඹ හතෙන් තට්ටු දෙක බංගලාවක් හේනට වෙලා වල් අලි එලවපු අපේ තාත්ත ඩෙනිමක් ඇදන් චුඉංගම් එකක් හප හප අගල් 42 LCD TV එකකින් අස්ස රේස් බලනවා... දුම් ගොඩ අස්සේ මයියොක්ක අලයක් උයන අපේ අම්ම දෙවෙනි තට්ටු ඉදන්.. වැඩකර කෙල්ලට හරියට fried rice එකක්වත් උයන්න බෑ කියල බනිනවා... ශ්‍රියා ලතාගේ පස්සෙන් ගියපු මට අද මිෂෙල්, නටෂ, වෙරෝනිකල වැහිවහල... හැමදාම රැට සංගීත....සින්දු සින්දු සින්දු.... සල්ලි සල්ලි සල්ලි සල්ලි...... කොළඹ දෙපාරක් දැකපු මං අද සිංගප්පුරුවේ, හෙට මිලානෝ, අනිද්දා සිඩ්නි, ඉන් අනිද්දා සෝමාලියාවේ... ගමේ කළු මුදලාලි ගාව තිබ්බ සිමෙන්ති ගලක් තරම් ලොකුවට තිබුණු ජංගම දුරකථනය දිහා කට අරන් බලන් ඉදපු මගේ iphone එකට දවසක් ස්ටාර් pragramme 1 න එනවා call එකක්... මල්ලි අපේ දෙවෙනි season එක පටන් ගත්ත පොඩි හෙල්ප් එකක් දෙන්න... මාත් හා හරි...කියල අවසන් වටේ වෙනකන් ඉදල තේරුණු මල්ලිට අප්පුඩියකුත් දල ගෙදර ඇවිල්ල නිදාගත්තා... අනේ...................................................................................................................... උදේ ඇහැරෙද්දි ...... මට නැගිටින්නත් බෑ....ඇග දියවෙලා ගිහින්..ලේ පොදක් නෑ .... අනේ මගේ සුපිරි ජපනා හදපු කාර් එක අරන් ගිහින් අලුත් කොල්ලට දෙන්න... මගේ තිබ්බ ජනප්‍රියත්වේ ඔක්කොම අර කොල්ලට දීල.... මගේ වටේ ඉදපු මිෂෙල්, නටෂා, වෙරෝනික, අර කොල්ල ගාවට ගිහිල්ල, අනේ රජ මාලිගාවක් වගේ තිබ්බ තට්ටු හතේ ගෙදරින් මාව එලියට දාපු කැත.... අතේ තිබ්බ ෆොනේ එක විකුණලා ගමට අවම අගල් 42 ඒ LCD tv අස්ප රේස් බලපු තාත්ත ආයි හේනේ අලිඑලවන්න ගිහින්... අම්ම හෝස් හෝස් ගග පිබ පිබ මයියොක්ක අලයක් තම්බනවා.. හෙමින් සීරුවේ බෝක්කුව උඩට ඇවිත් ඇස් වහගත්ත මං අනේ............................................................................ මගේ කාලකන්නි ජිවිතේ.........මුන් මටත් නොතේරෙන්න මගේ ඔක්කොම ලේ උර බිව්වනේ.... අන්තිමට මට මගේ ඇටසැකිල්ල විතරයි ඉතුරු උනේ..... අනේ මගේ ස්ටාර් සිහිනය.....

No comments:

Post a Comment