පන්නන උන් මෙන්න මේක follow කරපල්ලා...

Tuesday, October 4, 2011

සතෙන් සතේ ඉතුරු කරලා ඉතුරු කරලා දුක් විදලා මැරිලා පලයන්.....


ගිය දවස් ටිකේම පොඩි එකාගේ බ්ලොග් එකේ බලපු උන් බින්දුවි.මොකද මේක හිස්නේ.එත් ඉතින් ගොඩ දවසකින් මොනවහරි ලියන්න ඕනේ කියල හිතුන. අපේ අම්ම අද මගෙන් අහනවා උබේ බැංකු පොතේ දැන් කියක් ඉතුරු වෙලා තියෙනවද කියල. මන් ඉතින් ඇත්තම කිව්වා.නො සල්ලි. මෙන්න තාත්තයි අම්මයි කඩන පාන්නේ නැත මගේ එගට. මොනවද ජොබ් යනවා කියල කරන්නේ, කෝ ඒ පඩි සල්ලි, ඒවා ඔක්කොම කෙල්ලට වියදම් කරනවා නේද, ඉස්සරහට උබ කොහොමද ඉන්නේ, අරවද මේවද ගොඩක් කියෙව්වා. අන්තිමට ඉතින් මන් ඇත්තම කිව්වා.ඒ සල්ලි වලින් කෑවා බිව්වා දැන් නැ කියල. එහෙම හරියන්නේ නෑලු අනාගතේට ඉතුරු කරන්න ඕනෙලු.හීන නැති මගේ ලෝකෙට මොන අනාගතයක්ද. ඊට වැඩ හොදයි ඒ සල්ලි වලින් කල බීල ජිවත් වෙනවා. මේ ඔක්කොම අපි කරන්නේ ඕකටනේ. බිල් ගේට්ස්සුත් කවද හරි මැරෙනවා. මොකෝ උ ඒ සල්ලිත් අරන් යන්නය..ඉතින් එදා වෙලා හම්බ කරලා කන එක හොදටම ආතල් සල්ලි පොඩි බදම් ඉන්නවට වඩා. අන්තිමට අපිට කන්නත් නැ සල්ලිත් නැ. වෙනසකට තියෙන්නේ බිල් ගේට්ස්ගේ නම තව අවුරුදු පනහක් යනකන් තියෙයි.මගේ නම මන් මැරුණට පස්සේ අවරුදු 2 ක් වැඩිම තියෙයි.එත් අන්තිම උත්තරේ අපි දෙන්නම මැරිලා. අර මනුස්සයාගේ නම මට වඩා ටික කාලයක් තියෙයි. එත් ඒ මනුස්සයට වඩා සතුටින් මේ ඉන්න කලේ මන් ඉදි. ඒ මනුස්සය උදේ නෙගිට්ටම රෑ2, 3 වෙනකම් හිතන්නේ කොහොමද ලෝකේ වැඩිම සල්ලි කරය වෙන්නේ, කව්ද මාව පස් කරන යන්නේ, කොහොමද උන්ව වට්ටන්නේ කියල. වැඩිම පැය4 ක් නිදාගනි. ඉන්න කලේ හොදට දුක්විදිනව සල්ලි හොයන්න. මම උදේ නැගිටලා වැඩට ගිහින් යාළුවොත් එක්ක කියව කියව වඩා කරලා හොදට කාල හවස එවිත් face book ලොග් වෙලා චැට් එකක් දල කෙල්ලත් එක්ක මලක් කඩලා film එකකුත් බලල අතල් එකේ නිදාගන්නවා. ඉන්න කලේ මන් සතුටින් ඉන්නවා. එත් බිල් ගට්ස් ඉන්න කලේ හොදටම දුක් විදිනවා. මැරුණම කොඉ මනුස්සයත් අඩි6 ක් යටට යනවා. බිල් ගට්සුත් යන්නේ මන් වගේම වලකට. මන් මැරුණම ගෙදර උනුයි නයෝයි යාළුවොයි එයි. බිල් මැරුණම ලෝකෙම උන් එයි. එත් දෙන්නම යන්නේ එකම වලටනේ. ඉතුරු කරන්න ඕනේ. එත් දුක් විද විද මොකටද ඉතුරු කරන්නේ. අපි ඔක්කොම සල්ලි වලට කෑදරයි. එත් අන්තිමට ඔය රුපියලක්වත් අරන් යන්න අපිට පුලුවන්ද. මන් කියන්නේ නැ කට්ටියට ඉතුරු කරන්න එපා කියල. එත් අනේමන්ද....

2 comments:

  1. ම්ම්.. සෑහෙන්න හිතන්න දෙයක් ඉතුරු කරපු පට්ට පෝස්ට් එකක්.

    ReplyDelete
  2. නියම පෝස්ට් එකක් මචන්

    ReplyDelete