පන්නන උන් මෙන්න මේක follow කරපල්ලා...

Friday, June 17, 2011

තප්පර කට්ට

පොඩි එක තප්පර කට්ටට නැගල බලන් හිටිය.අම්මේ තත්පර කට්ට දුවනවනෙ මර දිවිල්ලක්.අන් එකට පැය කට්ට.ඔහේ ඉන්නවා.එත් මේ එක තප්පර කට්ටක් මොන තරම් වෙනසක් කලද කියල හිතෙන්නේ මේ වෙලාවට. පොඩි එකා තත්ත්පර කට්ටත් එක්ක ලොකු වෙලා. වසරෙ ඉදන් ඉස්කෝලේ ගිහින් campus පැත්තට එවිත් අද ජොබක් කරනවා. මොනතරම් බලයක් මේ තප්පර කට්ටට තියෙනවද කියල හිතෙන්නේ දැන්. ඉස්කෝලේ යද්දී මේ මොන කරදරයක්ද කියල හිතුන වාර අනන්තයි. මොන මගුලක්ද, හෙමදම උදේ නැගිටලා යන්න ඕනේ, විවේකයක් ඇත්තෙම නෑ.එක sir කෙනෙක් යද්දී තව එකෙක් එනවා. ඉක්මනට මේ මගුල ඉවර වෙනවනම් කියල හිතුන. අම්මේ එක ඉවර උනාම හරිම සතුටුයි. මාස 4 ක් විතර නිකන් ඔහේ කොල්ලොත් එක්ක වල බැහැල ඉද්දි මෙන්න o/L පස්ස්ලු. අයි ඉතින් ඉස්කෝලේ. උදේ නැගිටිනවා ආයි දුවනවා. ඒ මදිවට ගෙදර උන් කියනවා "අන් එහා ගෙදර එකා campus තේරිලා. තොත් මහන්සි වෙලා පාඩම් කරපිය. දැක්කොත් ඉන්නේ බෝක්කුවක් උඩ." ඉතින් ඉස්කෝලේ නිදහසකුත් නෑ ගෙදර නිදහසකුත් නෑ. ඊටත් හපන් class. සාමාන්‍යයෙන් මිනිහෙක් පැය 6 ක් නිදාගන්න ඕනෙලු. එත් A/L කාලෙට නිදාගන්න හම්බෙන්නේ පැය 4 ක් විතර. මේ කලේ තම මිනිහෙක්ගේ අසමන්‍යය කාලය. අනේ ඔන්න එකත් ඉවර වෙනවා දෙවියන්ගේ පිහිටෙන්. ඔන්න ඉතින් කෙල්ලෙක් දෙන්නෙක් එක්ක යාලු වෙන කලේ. මෙන්න යාලු වෙලා මාසයක් දුවන්න හම්බෙන්නේ නෑ.A/L පස්ස්ලු යමන්කෝ පුතේ campus. ඕන එකටත් රිංගුවා. මුල් දවස් වලනම් පට්ට චාටෙර්. අයි ඉතින් රැග් 1 නේ. ඊටපස්සේ යාලුවෝ ටිකක් අදුන ගෙන campus අතල් එක එනවා. පලවෙනි අවුරුද්ද ඉවර වෙද්දී කට්ටිය බුදු ෆිට්. ඊට පස්සේ ගෙදර යන්න ඕනෙත් නෑ campus එකේ. කොක්කත් එක්ක කොක්ක අමුනගෙන ඉන්නවා. ගෙදරිනුත් සල්ලි මහපොලෙනුත් සල්ලි කොක්කගෙනුත් සල්ලි. මල් හතයි. lecture හැමදාම. එත් මන් නම් යයි lecture 1 ට. මන් වෙනුවට ප්‍රතිපුරුෂයෙක් sign 1 දානවනේ. වලි කාලෙට නම් මාරු. ඔහේ ගහගන්නවා. හවස කොක්කත එක්ක කැලේ පනිනවා. සතුට උතුරනවා. ඔහොම ඉද්දි බයන්කරම දේ එනවා. EXAM....පපුව ගැහෙන්නේ ඒ වෙලාවට. ඉතින් දුවනවා නොවේ Photo Copy කරන්න කියල. අපිට ආදරේටද මන්ද Photo Copy කාරයෝ වටේ අඩුවට Photo Copy දෙනවා. අනේ සල්ලි ඔක්කොම Photo Copy කාරයට දෙනවා. එතකොට හිතෙනවා අනේ lecture ගියානම් කියල. කොහොමහරි ගිරවා දල ඕන් C එකක් දාලා Campus ගොඩ දාගන්නවා. අනේ මෙන් Campus ඉවර වෙලා. දෙන හොයපියවූ ජොබ්. ඉතින් බලනවා ගැසට් එක. පත්තර බලනවා පුරප්පාඩු තියෙනවද කියල. අවරුදු ගානකට පස්සේ ගෙදර අවට පස්සේ අම්ම වෙනදාටත් වඩ ආදරෙන් සලකනවා. අනේ එත් මාස 2 3 වෙද්දී "මොකද බන් ගෙදරම ඉන්නද කල්පනාව. මහලොකුවට විස්ස විද්දලේ ගියානේ හොයාගනින්කෝ රස්සාවක්. අන් එහා ගෙදර සාමාන්‍ය පෙළ ගොඩ දාගන්න බේරී උන චුට්ටට කොම්පැනියෙන් කාර් එකකුත් දීල. උබ මේ ගෙදරට නකී වෙනවා". ඔහොම ඉද්දි කට්ටිය සෙට් වෙනවා ලිප්ටන් වට රවුමට. ඉතින් එකටත් යනවා. ඔහොම ඉද්දි කරපු පෙර පිනකට උසස් පෙළ සමත් උන් කරන ජොබක් හම්බෙනවා. දැන් ඉතින් ජොබ. උදේ නෙගිටිනවා හවස එනවා.
පොඩි එකාගේ හිත නැවතුන. මේ තත්ත්පර කට්ට මොන තරම් වෙනසක් කරලද. කෝ මගේ ඉස්කෝලේ කලේ හිටපු යාලුවෝ. අද එකෙක් නෑ. අහම්බෙන් එකෙක් හම්බෙනවා. බොක්ක දෙන්න ඉදපු campus එකේ එකෙක් අද බේතකට හොයාගන්න නෑ. දැන් ජොබ් 1 ඒ දකින උන් ටික විතරයි. උනුත් බලන්නේ එකෙක් කපල උඩට යන්න. තත්ත්පර කට්ට අද පොඩි එක්ව කොඉ තරම් දුරකට ගෙනල්ලද.පොඩි එක අපස්ස හැරිලා බෙලුව. අතීතය පොඩි එක පස්සේ දුවනවා. පොඩි එකට ඒ අතීතෙට දුවන්න හිතුන. එත් තත්ත්පර කට්ට එකට ඉඩ දෙන්නේ නෑ. පොඩි එක හිතන එක නතර කල.එත් තත්ත්පර කට්ට දුවනවා. .....

No comments:

Post a Comment