පන්නන උන් මෙන්න මේක follow කරපල්ලා...

Thursday, April 17, 2014

යක්ෂය කියන්නෙත් දෙවිය්නටම තම

දෙවියන්වහන්සේ ලෝකය මැවූ සේක. කතෝලික ය කියන්නේ එහෙමයි. මහබ්‍රහ්මනය ලෝකේ   මෙව්වා කියල හින්දු ය කියනවා. අල්ලා තම ලෝකේ මේ  නිර්මාණය කලේ කියල මුස්ලිම් අය කියනවා. බුද්ධාගමේ නම් දෙවියෙක් ලෝකේ නිර්මාණය කල කියල සදහන් වෙන්නේ නැහැ මන් දැනුවත්ව. ( මොකද ඔය හැම ආගමක් ගෙනම මන් දන්නේ ටිකයි. ඒ නිසයි ) අපිට ප්‍රශ්නයක් අපු ගමන් ඔලුවට එන්නේ දෙවියන්ව. අපි කැමති කොහේ හරි නොපෙනෙන බලවේගයක් අපිට උදව් කරනවා නම් මේ ප්‍රශ්න වලදී. එත් අයි ඒ දෙවියන්ට බේරී අපිට ප්‍රශ්න එන්න නොදී ඉන්න. බෙලුවොත් ප්‍රශ්න. ඉතින් අපි හෙම්දම පල්ලි යනවා පන්සල යනවා, කෝවිල් යනවා. මොකද අපේ ප්‍රශ්න කියන්න.
මට හිතෙන්නේ අපිට නොපෙනෙන ඒ  ප්‍රශ්න හදල දෙන්නේ ඒ දෙවියන්ම තම . දැන් ඉතින් මොකෙක්හරි කියයි ඒ ප්‍රශ්න ඇති  කරගත්තේ මනුස්සයනේ. දෙවියෝ එකට උදව් කරනවනේ කියල. එත් මිනිහව නිර්මාණය කලෙත් ඔය  කියන දෙවියමනේ. ඉතින් එයානේ මේ ප්‍රශ්න හදල  දීල තියෙන්නේ. අපිට හොද කාලයක් එද්දී අපි දෙවොයන්ව අමතක කරනවා. ඒ අතරේම එනවා ප්‍රශනයක් එතකොට අයි අපිට දෙවියන්ව මතක වෙනවා. ඉතින් අයි දුවනවා. නිකන්  ඉස්කෝලේ කලේ teacher  දෙන ප්‍රශ්න පත්තරේ වගේ. එයාලම ප්‍රශ්නේ හදල එයාලම උත්තරේ දෙනවා. ඉතින් මොන දෙවියෝද අපිට උදවූ කරන්නේ.  අපිට ඉන්නේ අපි පමණයි. කරදරයක් උනාම ඔය මොකෙක්වත් ලග ඉන්නවද තමන්ගේ අම්ම තාත්තා අර. එක දවසක් ගෑනිත් එක්ක නිදාගන්න බැරි උනොත් ගෑනිත් පිටයන කාලයක් මේක. අයි ඉතින් දැන් ඉන්නවනේ තමන්ගේ feelngs share කරගන්නත් fb එකේ කට්ටිය.
මට කියන්න තියෙන්නේ පරිස්සම් වෙයල්ලා ඔය දෙවියන්ගෙන්. මොකද අපිට නොතේරුනාට යක්ෂය කියන්නෙත් දෙවිය්නටම තම

Friday, February 10, 2012

ලෝකේ වෙනස් වෙලා

මං මේ ලෝකෙට එද්දී අපේ ගෙදර තිබ්බේ පරණ fm විතරක් වැඩ කරන radio එකක් විතරයි. මට මතකයි අපේ ගෙදර අය කොයි තරම් එකට ආදරේ කලද කියල. ඔන්න ටිකක් කාලෙකින් ජෝන් ලොගි බේයර් හොයාගත්ත රුපවාහිනිය ජපන්නු අපේ රටට ගේනවා. ඉතින් රුපවාහිනී නැත්තම් tv අපේ රටට ඇවිත් අව්රුද්දක් දෙකක් ගියාට පස්සේ අපේ තාත්තත් කොහෙන්ද මන්ද ලොකු national කියල ගහපු tv 1 ක් උස්සන් අව. ඉස්සර කන තියාගෙන හිතින් රුප මාවන් රේඩියෝවෙන් කතන්දර අහපු අපේ අයට කනෙන් අහන ගමන් අහිං බලන්න පුළුවන් කළු සුදු tv එකක් හම්බුනා. අම්මෝ අපේ ගෙදර tv එකට තිබ්බ සැලකිල්ල. එහෙම කියල redioyawa ඇත ඇරියේ නම් න. මොකද රුපවාහිනිය පටන් ගන්නේ හවස 4.30 ට විතර. රෑ 10.30 ට විතර ඉවරයි. ඉතින් rediowath විසික් කලේ නම් නෑ. ඔහොම ඉද්දි කළු සුදු ට්ව එකට පාට වැටෙන්න ගත්ත. දැන්නම් හරි ෂෝක්. ඇත්තට බලනවා වගේ. කළු සුදු tv එක හෙමින් ඇද යටට විසික් කලා. පස්සේ කලෙක මට මතකයි econ උගන්නද්දී අච්චර දෙවියෝන්ට වගේ සලකපු කලුසුදු tv එක අපේ sir බාල බණ්ඩයක් විදියට හැදින්නුවා. tv එකෙත් බලන්න තිබ්බේ කෝකටත් තෛලය වගේ අපේ ජාතික නාලිකාව විතරයි. ඔහොම ඉද්දි අපේ තාත්තට ආරංචි උන තව අලුත් channel වගයක් පටන් ගන්න යනවා කියල. ඉතින් අපේ තාත්ත ගේනවා අලුත්ම අලුත් UHF තියෙන ඇන්ටනාවක් . මෙන්න බොලේ තව චැනල් දෙකක් වැඩ. අපිට හරිම හරි සතුටුයි. අපි ටිකක් ලොකු වෙද්දී චනෙල් 5 ක් විතර තිබ්බ. ඔහොම ඉද්දි alexender ග්‍රැහැම් බෙල් හොයා ගත්ත ෆොනේ එකත් අපේ ගෙදරට සේන්දු උන. එකේ අංක කරකවන්න තිබ්බේ. මං o /l කරද්දී අපේ ආච්චිට කොන්දේ අමාරුවක් ආවා. අම්මා මාව යැව්වා ආච්චිත් එක්ක බෙහෙත් ගන්න. දොස්තර private බෙහෙත් දුන්නේ. දොස්තර ගාවට ගියාම එයාගේ කාමරේ තියෙනවා tv එකක්. එත් එක යට අකුරුයි ඉල්ලක්කමුයි තියෙන දිග බෝඩ් එකකුත් තිබ්බ. එහා පෙත්තේ දිග මොකද්ද මන්ද අමුතු එකකුත් තිබ්බ. පස්සෙයි මං දන්නේ එක තම computer එක කියන්නේ කියල. ( මට ඒ සිද්දිය අදටත් මතක් වෙද්දී හිනා යනවා). අහ කියන්න අමතක උනානේ. redio එකෙන් පස්සේ තාත්ත කැසට් recorder එකක් ගේනවා. කැසට් එක cd ප්ලයෙර් එකක් උනේ අපිවත් වයසට යවන ගමන්මයි. ට්ව එකෙත් සිළෙඑක ලොකු උන. අලුත් චන්නෙල් එන එන සැරේට අපේ ගෙදර අන්ටනවත් මාරු උන. ඔහොම ඉද්දි කොලබට celltel ආවා කියල ආරංචි උනා. ( ඉස්සර මොබිලේ ෆොනේ හැදින්නුවේ ඒ නමින්) අපේ බාප්පා කොහෙන්ද මන්ද අලි ගඩොල් කැටයක් වගේ size phone එකක් ගේනවා.අපි පුදුම වෙලා බලන් හිටිය. අපිට එකට අතවත් තියන්න දුන්නේ නැතුව එයා එක අල්මාරිය අස්සට දැම්මා. එත් හිනා යන වැඩේ කියන්නේ බාප්පා phone එක ගේද්දී අපේ පැත්තට signel නෑ.බාප්පා phone එක ගෙනල්ල අවරුද්දකට පස්සෙයි signel ආවේ. සිග්නෙල් අපු ගමන් අපේ තාත්තත් ගේනවා phone එකක්. මරේ මාරු දැන්නම්. එකට call එකක් එනකම් කට්ටියම වට වෙලා බලන් ඉදපු විදිය මතක් වෙනවා තවමත්.ඔහොම යද්දී අපේ තාත්ත අපිට pentium 2 computer එකක් අරන් දුන්න. එකට ගිය ලක්ෂයක් විතර. ගත්ත කියල දන්නා මගුලක් තියෙනවය. තිබ්බෙත් widows 98. එත් දවසෙන් දවස අපේ ලෝකෙට අලුත් දේවල් එකතු උන. ඔහොම කාලයක් යද්දී මගේ අතටත් hand phone එකක් හම්බුනා. එතකොට මං campus . ( දැන්නම් ළමයෙක් ඉපදුනු ගමන් hand phone එකක් හම්බ වෙනවා) campus එකෙත් handphone තිබ්බේ කීප දෙනාටයි. කාලයක් යද්දී ඕකට camara , game , එක එක මගුල් එකතු උන. tv එකත් ඇද වෙන කොට LED වෙලා. ඇන්ටන මාරු කර කර channel බලපු අපේ තාත්ත ඇද dialog tv connection එක අරන් channel 79 ක් බලනවා හොදට. දොස්තර ගාවට ආච්චිත් එක්ක බෙහෙත් ගන්න ගිහින් මුලින් computer එකක් දැකපු මං ඇද මේ වචන මගේ acer ලැප්ටොප් එකෙන් type කරනවා. ඉපදෙද්දී හිතපුවත් නැති facebook twitter ඇද ළමයෙක් ඉපදෙද්දීම උට profile එක හදල. හෙටමොනවා වෙඉද?අපි මැරුණට පස්සේ????මගේ pentum 2 මචිනේ එක කොහෙද?

Friday, January 13, 2012

පුරුෂාධිපත්‍ය


ලගදී මං facebook සැරිසරද්දී මේ ෆොටෝ එක හම්බුනා. දැක්කම අනේ සංසාරේ කියල ඉස්සෙල්ලම ඔලුවට අවා. යශෝධරා ඉස්කෝලේ කෙල්ලෙක් සිංහ beer එකක් අල්ලන් ඉන්න ෆොටෝ 1 ක්. ඒ මදිවට එක edit කරලා කොල්ලෙක්ද කෙල්ලෙක්ද දන්නේ නෑ ලියල නංගියේ උබලට සරණක් නෑලු...තව ලියල උබල අයෙමත් ඉස්කෝලේ නොගියත් යන උන්ට ආඩම්බරෙන් යන්න දීපල්ලා කියල. මේක යටින් comnent දාපු උනුත් මේ කෙල්ලගේ රෙදි ගෙලවිල යන්න comnt දාලා. හොද සිංහල කුණුහරප දල තියෙනවා පිරෙන්නම. මට මේක දකිද්දී වෙන අයටම වගේ ඇති උන තරහ පිළිකුල ටිකක් බලන් ඉද්දි නැති උනේ මගේ හිත පොඩ්ඩක් එතුලට කතා කල නිසා.මට මතක් උන මේ වගේම ෆොටෝ 1 ක් මං දැක්ක මිට මස කීපෙකට කලින්. වෙනසක් තිබ්බේ එකේ කෙල්ල වෙනුවට කොල්ලෙකුයි බීර් එක වෙනුවට ගල් බෝතලෙකුයි තිබ්බ එක. එත් මේ විදියට එක කව්රුවත් edit කරලා නෑ.මේ විදියට කොල්ල ඉස්කෝල ඇදුමෙන් හිටියේ අනික උගේ ඇස් වහලවත් තිබ්බේ නෑ එලි පිටම හිටියේ. comnt වලට කුණුහරප පොදක් නෑ. ඔක්කොම වගේ දල තිබ්බේ හා හා හා.....අපේ දේවිය....මල්ලි සෙට්වෙලා වගේ...අහ දැන් ගල්නේ ගහන්නේ...ඔන්න ඔය වගේ ඒවා...ඉතින් මගේ හිතම මගෙන් පස්සේ ඇහුව අයි මේ ඉස්කෝලේ යන කොල්ලෙක් ගල් බෝතලයක් උස්සන් ඉද්දි නොදැනුනු දේ කෙල්ලෙක් beer එකක් උස්සන් ඉද්දි දැනෙන්නේ කියල.
මුකුත් නෙමේ අපේ සංස්කෘතිය අපේ ඔලු හදල තියෙන්නේ එහෙම. තම අපි පුරුෂාධිපත්‍ය ඔලුව උද තියාගෙනයි ඉස්සරහට යන්නේ. ඒ නිසයි අපිට මෙහෙම දේවල් දැනෙන්නේ. කොල්ලෙක් එලියට බැහැල සෙරප්පු සපත්තු ගලවල නවල ගත්තම ඔක්කොම පව් යනවා කියන හැගීමෙන් තම අපි තාමත් දුවන්නේ. අයි මේ කෙල්ලට බැරි beer එකක් උස්සන් ඉන්න...බීර් බොන්න තහනම්...අයි තාමත් අපි කෝපී කලේ අදහස්වලට අපේ හිත හිරකරලා තියෙන්නේ. කෙල්ලෙක්ට කොල්ලෝ හතරක් හිටියොත්, හතර දෙනෙක් එක්ක යාලු වෙලා හිටියොත් එකට අපි කියන්නේ බඩුව. එත් කොල්ලෙක් කෙල්ලෝ හතරක් එක්ක යාලු වෙලා ඉන්නවනම් උ වැඩ්ඩ. අයි මෙහෙම...මං මේ බොන ඒවා හරි කියන්න යන්නේ න.එත් අපි අපේ අදහස් අපේ දැක්ම පුළුල් කරලා යන්න ඕන කලේ ඇවිත් කිය්හලයි මට හිතෙන්නේ...මං මේ කරන දේට කව්රු මාත් එක්ක එකග වෙනවද දන්නේ න.එත්
ඔන්න මං මගේ පුටුවෙන් නැගිටලා මේ කෙල්ලට අප්පුඩියක් ගහනවා.....මොකද මේ කෙල්ල මට ලොකු දෙයක් හිතන්න කියල දුන්නට....

Tuesday, January 10, 2012

හීන

අපි හැමෝටම තියෙනවා ලොකුම ලොකු හීන...පොඩි කලේ අපි අසාවෙන් හිටියේ ධෝස්තර කෙනෙක් වෙන්න..එත් කාලයත් එක්ක ඒ හීන බොද වෙලා යන්නේ ඒ දේවල් ඒ තරම් ලේසි න කියල අපිට තෙරෙද්දී. එදා පන්තියේ සිර අහද්දී කව්රු වෙන්නද කැමති කියල අහද්දී දොචෙක් වෙන්න කියපු එක අද සමහර විට කොන්දොස්තර කෙනෙක් නැත්තම් කාලකන්නියෙක් වෙලා නැත්තම් මැරයෙක් වෙලා...අපි කින් කි දෙනාටද අපේ හීන හබ කර ගන්න පුළුවන්..ඉස්සර තමස් අලවා එදිසන්ට ගැලිලියෝ ගලිලිට ඉගෙන ගන්න අවස්ථාවක් තිබ්බේ න.එයාලගේ අම්මලට උවමනාවක් තිබ්බෙත් න උගන්නන්න.එත් එයාල ලෝකේ වෙනස් කල මහා අපුරුම අපුරු විදියට.නිව්ටන් කියන්නේ පන්තියේ ඉදපු මොඩම මොඩය කියලයි උගේ සිර කිව්වේ,එත් අන්තිමට කව්ද මොඩය උනේ....ගැලිලියෝ ගලිලිට නිව්ටන්ට තෝමස් අලවා එදිසන්ට දොස්තරලා වෙන්න කිසිම වෙලවකාදහසක් එන්න නැතුව එති.එත් අපි අපේ සංස්කෘතිය ඇතුලේ දකින හොදම රැකියාව තම දොස්තර, එක්කෝ නිතින්ය, නෙත්තම් ඉන්ගිනේර්ය්ව, එහෙමත් නැත්තම් හොද බිස්නස් කාරයෙක්. අඩු ගැනේ තමන්ගේ දුවට මෙහෙම එකෙක් හරි බැඳලා දෙන්නයි දෙමව්පියන්ට ඕනේ..එත් ඇත්තටම ටිකක් හිතුවොත් ඔය කියපු ය මොකද කලේ????දොස්තර ලෙඩ වෙලා ගියාම බේත් කල..නීතිඥාය නඩුවක් කතාකවල එක්කෝ දිනවයි නැත්තම් පරද්දවයි...ඉන්ජිනේරුව මොකක් හරිපරක් පාලමක් නැත්තම් ගොඩනැගිල්ලක් හදයි. බිස්නස් කරය ලබා වෙඩි කරගන්න කට හරි දහම් ගැටයක් ගහයි..ඉතින් මුන් ලෝකේ වෙන කරනවද???මුන්ට පුලුවන්ද දෙවියෝ වෙන්න???මේ ඔක්කොම අපේ අධ්‍යාපනේ තියෙන වැරැද්ද. පොඩි කලේ ඉදන් කියන්නේ එක්කෝ ඩොකෙක් වෙයන් නැත්තම් ලොයෙර් නැත්තම් ඉංජිනේරුවෙක් එහෙමමත් බැරිනම් බිස්නස් කාරයෙක්...ඉතින් පොඩි කලේ ඉදන් දුවනවා...අයි මේ ලෝකේ මේ සංස්කෘතිය අපි කැමති කෙනෙක් වෙන්න දෙන්නේ නැත්තේ???එහෙම උනානම් අපිටත් දවසක ලෝකේ වෙනස් කරන්න පුළුවන් වෙනවා.මේ පිඉල්ලෙන් පැනපු උන් තම අද ලෝකේ වෙනස් කරලා හදල තියෙන්නේ...

Sunday, November 13, 2011

මං දැනන් හිටියේ නෑ උන් මගේ ලේ... මටත් හොරෙන් උරන් බොනවා කියල.......

මං දැනන් හිටියේ නෑ උන් මගේ ලේ මටත් හොරෙන් උරන් බොනවා කියල....... හීනයක් නිසාම මන් apply කලා super තරු වැඩසටහනකට.... හැමෝම කිව්වේ... ෂා......... ඔයාගේ කටහඩනම් ලස්සනයි ..ඉස්සරහටම යන්න පුළුවන්..හොද අනාගතයක් තියෙනවා...මර ලස්සන කොල්ලෙක්නේ ඔය... බෝක්කුව උඩ යාළුවොත් එක්ක වල බැහැල ඉදපු මං ජනප්‍රිය උනා... කියන්නත් බැරි විදියට... බෝක්කුව උඩ ඉද්දි කෙල ගහල ගියපු කෙල්ලෝ... මගේ ෆොටෝ කෝට්ටේ යට තියන් නිදාගත්තා.. රස්සාවක් නැති කාලකන්නිය කියපු මගේ නෑයෝ... මව ඉබින්න පටන් ගත්ත... අවසාන ප්‍රතිපලය...අද අපේ සුපිරි තරුව........ ................................................................. මෙන්න මේ පොඩි කොල්ලට...... කොළඹ ඉදන් ගෙදර එන්න සල්ලි නැතුව කුඩ්ඩෙකුට පු* දීල සල්ලි ඉල්ලන් අපු මාව කොළඹ ඉදන් ගෙදරටම රථ පෙරහරකින් එද්දී කුස්සියේ දුන්ගොඩේ ඉදපු අපේ අම්ම මව පිළිගන්න ආවේ රුපියල් පනස්දාහක් වටිනා සාරියක් ඇදල... දහය විස්සට රේස් දාල පරදවෙලා ගෙදර එන අපේ තාත්ත මව පිළිගත්තේ පන්දහේ කොළ වලින් හදපු මාලයක් දාල... පුස් බයිසිකලයක්වත් නැතුව හිටපු මට හම්බුනා ජපනෙක් හදපු ලොකු කාර් එකක්... පොල් අතු වලින් රැට හද පේන අපේ ගෙදර වෙනුවට හම්බුනා කොළඹ හතෙන් තට්ටු දෙක බංගලාවක් හේනට වෙලා වල් අලි එලවපු අපේ තාත්ත ඩෙනිමක් ඇදන් චුඉංගම් එකක් හප හප අගල් 42 LCD TV එකකින් අස්ස රේස් බලනවා... දුම් ගොඩ අස්සේ මයියොක්ක අලයක් උයන අපේ අම්ම දෙවෙනි තට්ටු ඉදන්.. වැඩකර කෙල්ලට හරියට fried rice එකක්වත් උයන්න බෑ කියල බනිනවා... ශ්‍රියා ලතාගේ පස්සෙන් ගියපු මට අද මිෂෙල්, නටෂ, වෙරෝනිකල වැහිවහල... හැමදාම රැට සංගීත....සින්දු සින්දු සින්දු.... සල්ලි සල්ලි සල්ලි සල්ලි...... කොළඹ දෙපාරක් දැකපු මං අද සිංගප්පුරුවේ, හෙට මිලානෝ, අනිද්දා සිඩ්නි, ඉන් අනිද්දා සෝමාලියාවේ... ගමේ කළු මුදලාලි ගාව තිබ්බ සිමෙන්ති ගලක් තරම් ලොකුවට තිබුණු ජංගම දුරකථනය දිහා කට අරන් බලන් ඉදපු මගේ iphone එකට දවසක් ස්ටාර් pragramme 1 න එනවා call එකක්... මල්ලි අපේ දෙවෙනි season එක පටන් ගත්ත පොඩි හෙල්ප් එකක් දෙන්න... මාත් හා හරි...කියල අවසන් වටේ වෙනකන් ඉදල තේරුණු මල්ලිට අප්පුඩියකුත් දල ගෙදර ඇවිල්ල නිදාගත්තා... අනේ...................................................................................................................... උදේ ඇහැරෙද්දි ...... මට නැගිටින්නත් බෑ....ඇග දියවෙලා ගිහින්..ලේ පොදක් නෑ .... අනේ මගේ සුපිරි ජපනා හදපු කාර් එක අරන් ගිහින් අලුත් කොල්ලට දෙන්න... මගේ තිබ්බ ජනප්‍රියත්වේ ඔක්කොම අර කොල්ලට දීල.... මගේ වටේ ඉදපු මිෂෙල්, නටෂා, වෙරෝනික, අර කොල්ල ගාවට ගිහිල්ල, අනේ රජ මාලිගාවක් වගේ තිබ්බ තට්ටු හතේ ගෙදරින් මාව එලියට දාපු කැත.... අතේ තිබ්බ ෆොනේ එක විකුණලා ගමට අවම අගල් 42 ඒ LCD tv අස්ප රේස් බලපු තාත්ත ආයි හේනේ අලිඑලවන්න ගිහින්... අම්ම හෝස් හෝස් ගග පිබ පිබ මයියොක්ක අලයක් තම්බනවා.. හෙමින් සීරුවේ බෝක්කුව උඩට ඇවිත් ඇස් වහගත්ත මං අනේ............................................................................ මගේ කාලකන්නි ජිවිතේ.........මුන් මටත් නොතේරෙන්න මගේ ඔක්කොම ලේ උර බිව්වනේ.... අන්තිමට මට මගේ ඇටසැකිල්ල විතරයි ඉතුරු උනේ..... අනේ මගේ ස්ටාර් සිහිනය.....