පන්නන උන් මෙන්න මේක follow කරපල්ලා...

Saturday, October 22, 2011

මා කැමතිම වීරයා


මට ඉන්න යාලුවන්ගෙන් 90%කම ජොබ් නැතුව ඔහේ ඉන්න උන්.අපේ අම්මලාගේ තාත්තලාගේ වචනෙන් කියනවනම් කලකන්නන්නි. 9% ක් ඉන්නවා උන් ජොබ් කරනවා එත් ඒ ජොබක් කරන්න ඕන නිසා කරනවා මිසක් කැමැත්තෙන් කරන්නේ නෑ.ඒ ජොබ් එක උගේ ජීවිතේට කොහෙත්ම සම්බන්ද නෑ. උන් ඇවිත් කාලකන්නි බාග. එහෙම මගේ කාලකන්නි බාග යාලුවෙක් ඉන්නවා කොහොමහරි දොස්තර කෙනෙක් වෙනවා කියල අන්තිමට යන්තන් ඇමතියට පු** දීල ටිචින් කට්ටක් ගත්ත එකෙක්.එකත් bio කරලා සිංහල උගන්නන්නේ.හරි එව්වා වැඩක් නෑ.ඉතින් මගේ ලොකුම විනොදන්ශේ මගේ වෙලාව යවාගන්න අනිත් උන්ගේ කාලේ කන එකනේ.ඉතින් ඉස්කෝල නිවාඩුවක් බලල මං යාළුවා ඉන්න වෙලාවක් බලල ගිය ගෙදර..මං යද්දී මු ඉන්නවා උඩ බලාගෙන. අතේ මොකද්ද මන්ද කොලෙකුත් තියෙනවා. මටත් හෙන අවුල්.මු මේ මහා දවල් මලක්වත් ගහලද දන්නා කියල කෝකටත් පොඩි තට්ටුවක් දැම්ම..
'එයි.'.කියද්දීම මු මං දිහා ඇස් වල හෙන කදුළු ගුලියක් එක්ක බැලුව.මට මර අප්සෙට්.
'ඇයි මචන් මේ???'යාළුවා මුකුත් නොකිය උගේ අතේ තිබ්බ කොලේ මට දුන්න...
2011 අගෝස්තු වර අවසාන විභාගය 8 වසර..
'අහ් මේ paper ක්නේ බන්.අයි උබ මේක බලන් අඩන්නේ??'
'ඔකේ තියන රචනාව කියවපන්..'යාළුවා අඩු කදුලෙන් උත්තර දුන්න.මාත් රචනාව තියන පිටුව පෙරලා ගත්ත..
මාතෘකව මා කැමතිම විරය.එක කියවන්න පටන් ගද්දිම මගේ පපුව හෝස් ගල ගිය..අපි ඒ කලේ ඉදන් මා කැමතිම විරය දුන්නු ගමන් ලියන්නේ එක්කෝ දුටු ගැමුණු රජතුමා( දැන්නම් එතුමා ගැනත් ලියන්න බෑ කැලණියේ තණකොළ කන එකා නිසා), නැත්තම් අනගාරික ධර්මපාලතුමා, නැත්තම් වීර පුරන් අප්පු ඒ වගේ අයනේ. අනේ මේ පොඩි එක රචනාව පටන් අරන් තියෙන්නේ
මා කැමතිම වීරයා ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාය.එතුමාගේ උපන්දිනයක් මා නොදනිමි.නමුත් අද වන විට එතුමාව සිරගත කොට වසරකට වඩා වැඩිය. අපේ දුමින්ද සිල්වා මන්ත්‍රී තුමා පොඩි ළමයකුට අපචාර කොට හිර බත් නොකම එලියට ආවේය. නමුත් දේශපානය නමැති නිරයට පැමිණි වරදට කිසිම චෝදනාවක් නැතුව අද සරත් ෆොන්සේකා නමැති යුධ විරුවා හිරේ සිටියි. දේශපාලනය යනු මහා බලගතු දෙයක් බව මා තේරුම් ගත්තේ මෙම කාලයේය.ප්‍රබාකරන් කිහිප විටක්ම සරත් ෆොන්සේකා මහතාව මැරීමට උත්සහ කළේය. සියලුම අවස්ථා වල ප්‍රබාකරන් මුහුණ ඉදිරියට පැමිණ ඔහුව මැරීමට උත්සහ කළේය. නමුත් අපේ කට්ටිය අවශ්‍ය දේ කරගත් පසු අවසානයේ සරත් ෆොන්සේකා මහතාට පිටි පස්සෙන් නපුන්සකයකු මෙන් පිහියෙන් ඇන්නේය. ඔහු මෙතරම් කාලයක් හම්බ කර තිබු ජනරාල් පට්ටමද ගැල්ව්වේය. නමුත් ඔහු තවමත් අපිට ජනරල්ය. ඔහු සැමදාම අපගේ සිත් වල සිටි. එක එක උන් වාසි ගැනීම සදහා ජනරාල් වනුවෙන් පෙනී සිටියි. නමුත් ඒ එකෙකුටවත් ඔහුව එලියට ගැනීමට උවමනක් නැත.රජය එලියට දන්නේද නැත. මන්ද බරක් ඔබමට, චැනල් 4 වලට, බන් කි මුන්ට බය නැති මහින්ද ජනාදිපති තුමා ජනරාල්ට බයය. අපේ මිනිස්සුන්ට ඉජිප්තුවක් මෙන් සටන් කොට නිදහස දින ගැනීමේ උවමනාවක් නැත. එදා වෙලා කන්න තිබ්බනම්, තමන්ගේ පාඩුවේ ඉන්න තිබ්බනම් ඔවුන්ට ඇතිය. revolution , change යන වචන වල තේරුමවත් අපේ මිනිසුන් දන්නේ නැත. මේවට අරුතක් දුන්නේ අපේ රටේ නම් සරත් ෆොන්සේකා පමණි. ආණ්ඩුව කලේ බළලුන් ලවා කොස් ඇට බාවා ගැනීමකි. සරත් ෆොන්සේකා යුද්දය නිම කළේය. රෑ දවල් නොබලා එතුමා සදනු ලැබූ plan වලට ආණ්ඩුව කලේ අත්සන ගැසීම පමණි. අවසානයේ සරත් ෆොන්සේකා ප්‍රබකරන්ව මළවුන් අතරට යැව්වේය . සියල්ලෝම අප්පුඩි ගැසුවේය, හුරේ දැම්මේය, රතිඥ දැම්මේය, ජනාදිපතිතුමා, සරත් ෆොන්සේකා එකට ඉන්න පින්තුර දැම්මේය. ලංකාවේ කිසිම කෙනෙකු මෙතරම් කාලයක් නොදැරූ නිලයක සරත් ෆොන්සේකාට දෙන ලදී .
අවසානයේ ඔහු දේශපාලනයට එන බවට රාවයක් ගියේය. අර පින්තුර වලින් සරත් ෆොන්සේකා මහතාව හැලෙන්නට පටන් ගත්තේය. යුද්දය ඉවර කලේ හමුදාව නොව ආණ්ඩුව බාවා කියන්නට පටන් ගත්තේය. මෙන්න මහා යුධ විරුවාට යුද්ද අපරාධ චෝදනා එල්ල කොට හිරේට නියම කළේය..අවසානයේ හොද මිනිසෙක්, නියම වීරයෙක් අපිට අහිමි කළේය. අද ඔහු අදුරු ගුහාවක තනි වී ඇත. අපට නිදහස ලබා දීම වෙනුවෙන් ඔහුට අප දුන් තෑග්ග හැර ගෙදරය. උඩ සිට ප්‍රබාකරන් සිනා සෙයි..
කව්රුන් ඔහුව අමතක කලත්, කව්රුන් ඔහුව නැති කරන්න හැදුවත්, කව්රුන් ඔහුව ඉතිහාසයෙන් මකන්න හැදුවත් සැමදාම ජනරාල් සරත් ෆොන්සේකා යන නාමය සැමදාම අපේ සිත් වල තිබේවී .මගේ යුධ විරය ජෙනරාල් ඔබය. මේ උත්තමාචාරය ඔබටයි.ඔබට බුදු සරණයි, ජේසු පිහිටයි, දෙවි පිහිටයි, අල්ල සමිධු පිහිටයි..
අවසානය වෙද්දී මගේ හිත නැවතුන වගේ දැනුන...
'ඒ මනුස්සය අපි වෙනුවෙන් මොන තරම් දේවල් කලද බන්...අද ඒ මනුස්සය හිරේ...'මගේ යාළුවා කටහඩ අවදි කලා.මං දිග හුස්මක් උඩට අරන් පහලට දැම්ම.ඒ හුස්මේ රස්නය මට හොදටම දැනුන. මා වචනයක්වත් නොකිව්වෙමි.'මිනිස්සුන්ට කරදරයක් උනාම උන් යන්නේ දෙවියෝ ගාවට.අපිටත් යුද්දේ කියන මහා කරදරේ අවම අපි ගිය ජෙනරාල් ගාවට එය දසක ගණක යුද්දේ ඉවර කලා..ඒ කියන්නේ ඒ මනුස්සය දෙවියෙක්නේ බන්...'
මං මුකුත් නොකිය සිතින් ජෙනරාල් සරත් ෆොන්සේකාට ආචාර කොට යාළුවගේ ගෙදරින් නික්මුණි.SF ....අපි සැමදාම ඔබ සමගය...

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. thanx macho mama adamayi me blog ekata awe mamath kapuwath SF

    ReplyDelete